සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිනී කවිරත්න වෙත ගාල්ල දිස්ත්‍රික් ජාතික ජනබලවේගයේ මන්ත්‍රී නලින් හේවගේ විසින් කරන ලද අපහාසාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රතික්ෂේප කළ අතර එම පක්ෂයේ ම මන්ත්‍රීනී කෞශල්‍යා ආරියරත්න ප්‍රකාශයක් නිකුත් කරනු ලැබීය. ඒ අතර අගමැතිනිය ද මාධ්‍ය වෙත අදහස් දක්වමින් එකී ප්‍රකාශය සුදුසු නැති එකක් බව පවසා තිබේ.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ගෙන පාර්ලිමේන්තුවට තේරී පත් වූ නලින් හේවගේ මන්ත්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණේ දීර්ඝකාලීන සාමාජිකයෙකි.