/ Mar 14, 2025

හෝටල් හිමිකරුගෙන් අල්ලස් ගත් PHI දැලේ

හෝටලයක බලපත්‍රය අලුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 2ක අල්ලසක් ලබාගත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඉබ්බාගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර ඔහුගේ හෝටලයේ වෙළඳ බලපත්‍රය අලුත් කිරීම අදාළල නිර්දේශ සහි. ලිපිය ප්‍රාදේශීය සභාවට ලබාදීම වෙනුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මෙම රුපියල් ලක්ෂ 2ක මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව ඊයේ ප.ව. 7.48ට පමණ තල්කිරියාගම, ශ්‍රී බුද්ධි ජයන්ති පන්සල අසල පාරේදී අදාළ අල්ලස් මුදල ලබාගැනීමේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top