/ Jun 21, 2026

චෞර ප්‍රේමවන්තයින්ගෙන් ගැලවෙන්න පොලිසියෙන් උපදෙස්!

දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින් පසුගිය කාලයේ විවිධ ක්‍රම ඔස්සේ සබඳතාවන් ගොඩ නගාගෙන කාන්තාවන් මුළා කර ලිංගිකව සූරාකෑම, දේපළ කොල්ලකෑම සහ ඝාතනය කිරීම වාර්තා වූ අතර මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දෙමින් පොලිසිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

නිවේදනය පහතින්,

පසුගිය කාලසීමාව තුළ දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් සමාජ මාධ්‍ය සහ විවිධ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ කාන්තාවන් ඉක්ක කර ගකින් ඔවුන්ව මුළා කර ලිංගික අතවරයන්ටක් කිරීම සහ දේපළ ලබා ගැනීමේ සිදුවීම් වාර්තා වී ඇත.

මීට අමතරව විවිධ ආහාර වර්ග හා බීම වර්ග පානය කිරීමට සලස්වා මත් කිරීම් හා සිහිසුන් කිරීම් ආදී ක්‍රියා මගින් කාන්තාවන් අතවරයට ලක් කිරීම් හා දේපළ සොරකම් කිරීමේ සිදුවීම් මෙන්ම වංචනික පුද්ගලයින් විසින් විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබා දෙමින් කාන්තාවන් රවටා ඔවුන්ගේ විශ්වාසවන්තභාවය ඇති කර ගෙන අනතුරුව මුදල් හා දේපළ ලබා ගැනීම් සිදුකරන අතර අවසානයේ මනුෂ්‍ය ඝාතනයන්ගෙන් කෙළවර වූ අවාසනාවන්ත සිදුවීම්ද නිරීක්ෂණය වී ඇත.

මෙලෙස කාන්තාවන් රැවටීම්වලට සහ මුලාවීම්වලට භාජනය වීම සම්බන්ධයෙන් පොලිස්පතිතුමාගේ දැඩි අවධානයට ලක්ව ඇති බැවින් දිවයිනේ සියළුම පොලිස් ස්ථාන, මහජන ආක්ෂක කමිටු, බුද්ධි සහ සිවිල් නිලධාරීන් හරහා අවදානමට විය හැකි අයවළුන් පිළිබඳව තොරතුරු එක්රැස් කර ගනිමින් මහජනතාව ආක්ෂා කිරීම සඳහා මේ වන විටත් සියළුම පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇති බව අවධාරණය කරමි.

ඔබගේ ආරක්ෂාව වෙනුවෙන් අවධානය යොමු කළ යුතු කරුණු.

  • නාඳුනන පුද්ගලයින්, අන්තර්ජාලය කේ සමාජ මාධ්‍ය හරහා හඳුනා ගන්නා පුද්ගලයින් සමඟ කටයුතු කිරීමේදී ඔවුන් පිළිබඳ විශ්වාසය තබා මුදල්, ස්වර්ණාභරණ කේ වෙනත් වටිනා දේපළ ලබා නොදීම.
  • ඔබගේ සංවේදී, ආදරණීය ඇතුළු ඡායාරූප, වීඩියෝ නාඳුනන සහ සැක සහිත පුද්ගලයින් වෙත කිසි විටක ලබා නොදීම.
  • ජාතික හැඳුනුම්පත් අංක, බැංකු ගිණුම් අංක, පෞද්ගලික ලිපිනයන් හෝ වෙනත් පුද්ගලික තොරතුරු නාඳුනන පුද්ගලයින්ට ලබා නොදීම.
  • සැක සහිත දුරකතන ඇමතුම් කෙටි පණිවිඩ මගින් යම් ගනුදෙනුවකට හෝ හමුවීමකට කරනු ලබන ආරාධනාවන් ප්‍රතිෂේප කිරීම.
  • ඔබ හෝ ඔබ දන්නා අයෙකු මෙවැනි අතවරයකට හෝ වංචාවකට ලක් වී ඇති බව හැඟේ නම්, වහාම ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ ළමා හා කාන්තා කාර්‌යාංශය වෙත පැමිණිලි කිරීම.
  • 118, 119, 107, 109 අංක හරහා ද ඔබට කඩිමින් පොලිසිය දැනුවත් කිරීමේ අවස්ථාව ඇත.
  • මෙවැනි වංචනිකයන්ගේ රැවටීම්වලට හා උගුල්වලට හසු නොවී, ඔබේ ආක්ෂාව සහ ගෞරවය සුක්ෂිත කර ගැනීමට නිරන්තරයෙන් අවධානයෙන් සිටින ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top