තමන්ට පොලිස් නිලධාරීන් තදබල ලෙස පහර දුන් බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට අතවර කළ බවට සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සැකකරු අධිකරණයේදී පවසා තිබේ.
සැකකරු දෙකට නැවී අපහසුතාවයෙන් සිටින බව දුටු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඒ පිළිබඳව විමසා ඇති අතර එහිදී සැකකරු පවසා ඇත්තේ පොලිසියෙන් තදබල ලෙස තමනට පහර දුන් බැවින් කෙලින් සිටීමට නොහැකි බවයි.
එහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කලේ සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි.