මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගේ අවමංගල්‍ය උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වූ බවට ජායාරුපයක් හුවමාරු කර ඇති ෆේස්බුක් ගිණුමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩබලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින් කියා සිටියේ තරංග ලක්මාල් නමැති පුද්ගලයෙකු විසින් මෙම පින්තූරය ෆේස්බුක් ඔස්සේ ප්‍රචාරය කර ඇති බවයි.
එම පුද්ගලයා අසත්‍ය තොරතුරු හුවමාරු කර ගැනීමත් සමඟ සමාජ මාධ්‍ය තුළ දැඩි කැළඹීමක් ඇති වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ
මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත