රිලව් රැගෙන ගොස් දූපතකට දැමීමේ ව්‍යාපෘතිය සඳහා විශේෂඥ කමිටුවේ අනුමැතිය ලැබුණු බව ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ පවසයි.
හේවාහැට ගම්මාන 15ක් කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක කිරීමට යන මෙම ව්‍යාපෘතිය නියමු ව්‍යාපෘතියක් බව මන්ත්‍රීවරයා සඳහන් කළේ ය. මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඔහු තවදුරටත් කියා සිටියේ, නියමු ව්‍යාපෘතියක් බැවින් මෙහි හොඳ නරක ගැන අවබෝධයක් ලබා ගත හැක්කේ ක්‍රියාත්මක කිරීමෙන් පසුව බවයි.