/ Apr 20, 2025

ජනපති සහ ආණ්ඩුව ගාවාගෙන සුදා වැසිකිළි කෙළියක: චෝදනා!

YouTuber Sudantha charged with financial fraud

ජනපතිවරයාගේ සහ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ගේ නම් පවා භාවිතා කරමින් ප්‍රසිද්ධ යූටියුබ්කරුවෙකු වන සුදන්ත තිලකසිරි විසින් කරන අයථා මුදල් ඉපැයීමක උත්සාහයක් ගැන කතාබහක් මතුව තිබේ.

දළදා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන සැදැහැවතුන් වෙත වැසිකිළි පහසුකම් සපයා දීම සඳහා අරමුදල් අවශ්‍ය බව කියමින් ගිනුම් අංකද සහිතව එක්තරා සංවිධානයක් විසින් දැන්වීම් පළ කර ඇති අතර එහි හිමිකරු සහ ගිනුම් අංක සුදන්ත තිලකසිරිගේ බවයි චෝදනා නැගෙන්නේ. ශ්‍රී දළදා මාලිගාව විසින් හදිසි නිවේදනයකින් දන්වනු ලැබුවේ රජය විසින් එම පහසුකම් සපයන බැවින් කිසිදු සංවිධානයකට මුදල් ලබා දීමේ අවශ්‍යතාවක් නැති බවයි.

ඒ අතර තවත් යූටියුබ්කරුවෙකු වන ඉරාජ් වීරරත්න මේ ගැන සඳහන් කරමින් වීඩියෝ පටයක් නිකුත් කර තිබේ. සුදන්ත තිලකසිරි හෙවත් සුදා විදෙස්ගත ප්‍රජාව ඇතුළු ජනතාවගෙන් මුදල් ලබා ගැනීමට වෑයම් කරන සාක්ෂි තමා සතුව ඇතැයි එහිදී ඔහු සඳහන් කරයි. මේ ගැන විමසීම සඳහා ඉරාජ් වීරරත්න ඊයේ (26) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top