/ Apr 20, 2025

රනිල්ගේ සහ බිරියගේ රට සවාරිවලටත් රජයේ සල්ලි අරන් ; ඇමති බිමල්ගෙන් හෙළිදරව්වක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බිරිය ඇතුළු පිරිසක් එංගලන්තයේ සිදු කළ පෞද්ගලික සංචාරයක් සඳහා රජයේ මුදල් ලක්ෂ 162ක් වැය කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ දී හෙළි කළේ ය.

එය සම්පූර්ණ අපරාධමය වරදක් බවත් ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

එම පෞද්ගලික සංචාරය සඳහා තවත් මුදල් ලබා ගැනීමේ අරමුණින් එය නිල සංචාරයක් ලෙස නම් කිරීමේ උත්සාහයක් ද වාර්තා වී ඇති බව අමාත්‍යවරයා අනාවරණය කළේය.

පසුගිය 2023 සැප්තැම්බර් 22, 23 මෙම සංචාරය සිදුකර ඇති බවත් ඊට අවශ්‍ය මුදල් සැප්තැම්බර් 12 නිදහස් කර ඇති බවත් ඔහු පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් පැවසීය.

තව ද මෙම සංචාරය සඳහා දස දෙනෙකු සහභාගී වී ඇති බවත්, රනිල් වික්‍රමසිංහගේ ෆෙරාරිය දැන් සෑම තැන ම හැපෙන්නට පටන් ගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top