/ Apr 20, 2025

ගණේමුල්ල සංජීව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවෙකු මාට්ටු

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සහාය වූ බවට සැකපිට තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු අධිකරණ සංකීරණයේ පිහිටි අධිකරණ ශාලාවන් පෙන්වා සිටිමින් මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 15 හෙළමුතු සෙවණ ප්‍රදේශයේ පදිංචිව සිටි ජූලියන් මාදවන් නම් 23 හැවිරිදි සැකකරුවෙකි.

මාදම්පිටිය පොලිස් වසමේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම සැකකරුව ඊයේ (21) දින අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව මේ දක්වා ගණේමුල්ලේ සංජීව ඝාතනයට අදාළව සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top