පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල් මිලියන 33,600 ක් වෙන් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.
ඒ, ජාතික පාසල් පෝෂණ සමුළුව 2026 ට කොළඹ දී ඊයේ එක්වෙමිනි.
මේ වනවිට පාසල් 8,990 ක සිසුන් මිලියන 1.5 කට අධික පිරිසක් මෙම වැඩසටහනෙන් ප්රතිලාභ ලබන බවයි ඇය කියා සිටියේ.
එසේම, පාසල් පෝෂණ වැඩසටහන හුදෙක් දරුවන්ගේ කුසගින්න නිවීමේ වැඩසටහනක් නොව, රටේ සෞඛ්‍යය සහ දේශීය ආර්ථිකය නඟාසිටුවන පුළුල් වැඩපිළිවෙළක් බවට පත් කිරීම රජයේ අරමුණ බවද අග්‍රාමාත්‍යවරිය එහිදී සඳහන් කරන ලදී.





