ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 9ක මිල පහළ දමා තිබේ.
ඒ අනුව පොන්නි සම්බා, රතු කැකුළු සම්බා, දේශීය සම්බා, දේශීය සුදු නාඩු, සුදු කැකුළු, සුදු කැකුළු සම්බා, පාන් පිටි, කඩල සහ සීනි යන භාණ්ඩවල මිල පහත දමා ඇති බව වෙළෙඳ,වාණිජ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.







