SDB බැංකුව 2024 වර්ෂය තුළ කැපී පෙනෙන කාර්ය සාධනයක් වාර්තා කිරීම වෙනුවෙන් සිය කාර්ය මණ්ඩල සාමාජිකයන් විසින් ලබා දුන් අනගි දායකත්වය ඇගයීමට සහ ගෞරවයට පාත්‍ර කරමින් SDB වාර්ෂික ව්‍යාපාර සම්මාන උළෙල පසුගිය දා පැවැත්විණ. බැංකුවේ සාර්ථකත්වය ඉලක්ක කර ගනිමින් බැංකුව තුළ අභිප්‍රේරණාත්මක වැඩ පරිසරයක් නිර්මාණය කිරීමටත් සිය කාර්ය මණ්ඩලය විසින් ඉටු කරන අමිල මෙහෙවර නිරන්තර ඇගයීමට ලක් කිරීමටත් බැංකුව දක්වන උනන්දුව හා කැපවීම මේ හරහා තහවුරු විය.
කැපී පෙනෙන කාර්ය සාධනයක් ප්‍රදර්ශනය කළ SDB බැංකුවේ කළුතර ශාඛාව පසුගිය වසරේ වඩාත් සක්‍රීයම බැංකු ශාඛාව ලෙස ඇගයීමට පාත්‍ර විය. මීට අමතරව මධ්‍යම පළාත, වයඹ පළාත සහ උතුරු මැද පළාත හොඳම කාර්ය සාධන කලාප කාණ්ඩ ලෙස පිළිවෙලින් පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනාගන්නා ලද අතර එය සාමූහික කැපවීම ප්‍රදර්ශනය කරන අවස්ථාවක් විය. එසේම මෙම සම්මාන රාත්‍රියේදී සම්මාන කාණ්ඩ 30කට අධික ප්‍රමාණයක් සහ සියලුම සහය දෙපාර්තමේන්තු සඳහා ඇගයීම් සම්මාන ප්‍රදානය කරන ලදි.
බැංකුව ආරම්භයේ සිටම පවත්වනු ලබන මෙම වාර්ෂික සම්මාන උළෙල සිය කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ කාර්ය සාධන ශක්‍යතා ඇගයීම සඳහා බැංකුව දක්වන කැපවීම ප්‍රදර්ශනය කරන කදිම සාක්‍ෂියකි. සිය ශ්‍රම බලකාය සවිබල ගැන්වීමෙන් සහ ඔවුන්ගේ උත්සහයන් නිරන්තර ඇගයීමට ලක් කිරීමෙන් නවෝත්පාදන කුසලතාවයන් සහ සහයෝගීතාවය ශක්තිමත් කරන අතර විශිෂ්ටත්වය වෙනුවෙන් අඛණ්ඩ උත්සහයන් දැරීම සඳහා සිය කාර්ය මණ්ඩලයට උත්තේජනයක් ලබා දෙයි.
“අපේ කාර්ය මණ්ඩලය තමයි SDB බැංකුවේ ශක්තිමත් පදනම වෙන්නේ. ඔවුන්ගේ කැපවීම, දක්‍ෂතාවය සහ උනන්දුව නිසා තමයි අපට පාරිභෝගිකයන්ට සේවය කරමින්, අපේ ඉලක්ක කරා යන්න හැකියාව ලැබෙන්නේ. ඔවුන්ගේ සාර්ථකත්වය සැමරීමේ සහ ඔවුන් අගය කිරීමේ සංස්කෘතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට අප තුළ වන උනන්දුව වාර්ෂික ව්‍යාපාර සම්මාන උළෙල ඔස්සේ තහවුරු වෙනවා. ඉදිරි වර්ෂවලදී මෙම සම්මාන උළෙල තවත් පුළුල් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එමගින් අපේ සමස්ත ආයතන පද්ධතියම සම්බන්ධිකරණය වන වාර්ෂික අවස්ථාවක් නිර්මාණය කිරීමටත් අපි කටයුතු කරනවා.” යැයි SDB බැංකුවේ විධායක අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා ප්‍රකාශ කළේය.
‘ඔබව වටින බැංකුව‘ යන තේමාවට අරුතක් එක් කරමින් SDB බැංකුව මෙම සම්මාන උළෙලේදී කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ යහපැවැත්ම හා සංවර්ධනය වෙනුවෙන් ද අවධානය යොමු කරන බව සනාථ විය. වාර්ෂික ව්‍යාපාර සම්මාන උළෙල වැනි මුලපිරීම් හරහා SDB බැංකුව සිය කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඇති කැපවීම නිරන්තරයෙන් පෙන්වන අතරම කාර්ය මණ්ඩලය අතර අභිමානයක් ඇති කරමින් විශිෂ්ටත්වය සහ කැපවීම නිරන්තරයෙන් හඳුනාගෙන ඇති සේවා ස්ථානයක් නිර්මාණය කිරීමේ මෙහෙවර ශක්තිමත් කරයි.
SDB බැංකුව පිළිබඳව
වසර 27කට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රය තුළ විශාල සේවාවක් සිදු කර ඇති SDB බැංකුව පුද්ගලයන්ට සහ ව්‍යාපාරවලට ආරක්ෂිත සහ විශ්වාසනීය බැංකුකරණ විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් කීර්තියක් ලබා ඇත. SDB බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන අතර කොළඹ කොටස් වෙළෙඳපොලේ ප්‍රධාන මණ්ඩලයේ ලැයිස්තුගත කර ඇති Fitch Ratings Sri Lanka විසින් ‘BB+(lka)’ ණය ශ්‍රේණිගත කිරීමක් සහිත බැංකුවකි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහයෝගය ලබා දීමෙන් සහ කාන්තා ව්‍යවසායකත්වය සංවර්ධනය කිරීම සඳහා දායකත්වය ලබා දීමෙන් SDB බැංකුව මෙරට තිරසාර සංවර්ධනය සහ ආර්ථික උන්නතිය වෙනුවෙන් කැප වී සිටියි. මීට අමතරව නිපුණතා සංවර්ධන, ව්‍යවසායකත්ව, මාර්ගෝපදේශන සහ උපදේශන වැඩසටහන්වලින් සමන්විත වැඩමුළු ඔස්සේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට මූල්‍ය සේවාවන්ට වැඩි යමක් ලබා දෙමින් ඉතිරි කිරීම සඳහා දිරිගැන්වීමටත් මෙරට ආර්ථික සංවර්ධනය වේගවත් කිරීමටත් SDB බැංකුව කැප වී සිටියි. සිය මූල්‍ය ක්‍රියාකාරකම්වලදී ව්‍යාපාරික ප්‍රමුඛතාවයන්ට අමතරව තිරසාර එළඹුමකින් කටයුතු කරමින් පාරිසරික, සමාජ සහ පරිපාලන තිරසාරත්වය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කිරීම කෙරෙහි ද SDB බැංකුව සැළකිලිමත් වෙයි.