චරිත් එන්. සිල්වාගේ Whild CookBook යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කෝටියක් (මිලියන 10) ලබා ගෙන තිබේ. ඒ අනුව එවැනි තත්වයක් ලබාගත් පළමු නාලිකාව ලෙස එය ඉතිහාසගත වෙයි.
2020 වර්ෂයේ ඇරඹූ එම නාලිකාව වසර 5ක් තුළදී එවැනි ජයග්‍රහණයක් ලබා ගැනීම සුවිශේෂී වෙයි. මේ වන විට වීඩියෝ 600ක් එක් කර ඇති එහි නැරඹුම් වාර සංඛ්‍යාව කෝටි 400ක් පමණ වන බව වාර්තා වෙයි.
ඔහුගේ එළිමහන් ඉවුම්පිහුම් විලාසය, සුපසන් බව ආදී කරුණු නිසා ගෝලීය වශයෙන්ද ඔහුගේ ජනප්‍රියතාව ඉහළ නැග තිබේ.
මෙය ශ්‍රී ලාංකේය යූටියුබ් ඉතිහාසයේ ප්‍රබල සංධිස්ථානයක් වන අතර ඔහුට දසතින් සුබපැතුම් ලැබෙන බැව් සැලයි.
ලංකාටයිම්ස් අපද ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් සුභ පතමු!