මාතර පොල්හේන ප්‍රදේශයේ ඉදිකිරීමට සැලැසුම් කරන නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යළි විමසා බැලීමක් සිදු කළ යුතු බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහනාම සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසයි.
කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර හමුවක් පසුගිය දා පැවැති අතර එහිදී තීරණය කෙරුණේ මාතර පොල්හේන ජාත්‍යන්තර ක්‍රිකට් පුහුණු පාසල සහ ක්‍රීඩාංගණය ඉදි කිරීමේ මූලික කටයුතු මාසයක් තුළ නිම කිරීමටයි.
පසුගිය දා පාර්ලිමේන්තුව ඇමැතූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේද කියා සිටියේ, මාතරට නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලබා දීම ක්‍රිකට් ආයතනයේ මහා පරිමාණ වංචා වසා ගැනීමේ උපක්‍රමයක් බවයි. එයට හසු නොවී සිටීමට අමාත්‍යවරයා කල්පනා කළ යුතු බවද ඔහු අවධාරණය කළේ ය.
ඒ අතර හිටපු ප්‍රවීණ ක්‍රීඩක රොෂාන් මහනාම සිය සටහනෙන් පවසන්නේ,
මෙවැනි මෙගා ව්‍යාපෘතිවල පසුපස ඇති අරමුණු සහ අභිප්‍රායන් පිළිබඳව ප්‍රශ්න කළ යුතු බවයි. වර්තමානයේ අවශ්‍යතාව වන්නේ නව ක්‍රීඩාංගණ සඳහා මුදල් වැය කිරීම නොව පාසල් ළමුන්ගේ ක්‍රිකට් කුසලතා වැඩිදියුණු කිරීමට දැනට පවතින පහසුකම් වෙනුවෙන් ජාතික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම බව ඔහු තවදුරටත් පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, දැනටත් මාතර සනත් ජයසූරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ක්‍රියාත්මක තත්වයේ පවතින අතර එහි පසුගිය කාලය පුරාම ක්‍රීඩා කර ඇත්තේ තරඟ සුළු ප්‍රමාණයක් බවද තතු දත් ආරංචි මාර්ග පෙන්වා දෙයි.