බන්ධනාගාරයෙන් ලබා දෙන කෑම වෙනුවට තමාට පිටතින් ආහාර ලබා ගැනීමට අවස්ථාව සලසන ලෙස සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බන්ධනාගාර පරිපාලනයෙන් කළ ඉල්ලීමට අවසර හිමිව තිබේ.
ඒ අනුව පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා ඇති දේශබන්දු තෙන්නකෝන් වෙත කල්දේරම් බත වෙනුවට බාහිරින් ගෙනෙන ආහාර ලැබෙනු ඇත.
ඔහු සිය ආරක්ෂාව සලසන්නැයි කළ ඉල්ලීමට අනුව ක්‍රියාමාර්ගද ගෙන ඇතැයි සඳහන්.