හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාව හෙට (01) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
ඒ, 2023 වසරේ මාතර, වැලිගම හෝටලයක් අසල දී සිදු වූ වෙඩිතැබීමක් අතරතුර කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන්වරයෙක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය.
සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා තොරතුරු දන්නා බවට ඇති වූ සැකය මත මෙලෙස ප්‍රකාශයක් සටහන් කරගැනීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද රක්ෂිත බන්ධනාගාර ගතකර සිටී.