/ Apr 20, 2025

ලොවක් කම්පිත කළ භූකම්පනයෙන් මිය ගිය ගණන තවත් ඉහළට

මියන්මාර භූකම්පනයෙන් සිදුවූ මරණ ගණන 1,600 ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේ වෙතත් අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණායතනය අනතුරු අඟවන්නේ එය දස දහස ඉක්මවීමේ අවදානමක් පවතින බවය.

මධ්‍යම මියන්මාරයට පසුගියදා රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක බලපෑම් එල්ල වුණි.

එහි අපිකේන්ද්‍රය සටහන්ව තිබුණේ එරට ඊසාන දිග සගයින් නගරයේ සිට කිලෝමීටර 16ක් උතුරු දෙසින්ය.

ප්‍රධාන භූකම්පනයෙන් පසුවත් ප්‍රබල පසුකම්පන 6කින් එරටට බලපෑම් එල්ල වී ඇති අතර සියවසකට අධික කාලයකින් පසුව මියන්මාරයට බලපෑ ප්‍රබලතම භූකම්පනය මෙය බව විශේෂඥයන් පෙන්වාදෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top