/ Jun 29, 2026

හිටපු ඇමැති පුතුන් 10ක් වෙත පොලිස් ඇස යොමු වෙයි!

අල්ලස්, දූෂණ සහ විවිධ අක්‍රමිකතා සම්බන්ධ චෝදනා එල්ල වී ඇති හිටපු ඇමැතිවරුන්ගේ පුතුන් 10ක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඇරඹී ඇතැයි වාර්තා වේ.

බලය ඇති කාලයේ පාතාල සබඳතා සහ විවිධ දූෂිත ගනුදෙනු සිදු කළ බවට ඇමැති පුතුන් වෙත චෝදනා එල්ල වී ඇති අතර හිටපු බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, අධිකරණ කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජේදාස රාජපක්ෂගේ පුතෙකු වන රඛිත රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබීය.

පියවරුන්ගේ බලය මෙලෙස අනිසි ලෙස භාවිතා කරද්දි ඔවුන් සිය පුත්‍රයන්ට ඍජුව සහය පළ කර ඇති බවද කියැවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top