/ Aug 20, 2026

ඉරානයට සහය දුන්නොත් “දැවැන්ත ආර්ථික ප්‍රතිවිපාක” අත්විඳීමට සිදුවනු ඇත – ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්!

ඇමරිකාව සහ ඉරානය අතර එකඟතාවකට පැමිණීම සම්බන්ධයෙන් තවදුරටත් අවහිරතා පවතින හෙයින් ඉරානයට කිසියම් ආකාරයක ආර්ථික හෝ මූල්‍ය සහායක් ලබාදෙන ඕනෑම රටකට “දැවැන්ත ආර්ථික ප්‍රතිවිපාක” අත්විඳීමට සිදුවනු ඇති බවට අනතුරු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අවධාරණය කර ඇත්තේ ඉරානයේ ආර්ථිකය හුදකලා කිරීම සඳහා “මෙතෙක් කිසිදු රටකට එරෙහිව ක්‍රියාත්මක කළ වඩාත්ම දැඩි ආර්ථික මෙහෙයුම” ආරම්භ කිරීමට තමා සූදානම් බවයි.

ඉරානයට සහාය වීම ලෙස තෙල් ජාවාරම්, මූල්‍ය හුවමාරු, විනිමය ආයතන සහ ව්‍යාජ සමාගම් හරහා සිදුකරන ගනුදෙනුද ඔහු ඉලක්ක කර ඇති අතර එම අනතුරු ඇඟවීමට අදාළව කුමන නිශ්චිත දඬුවම් හෝ සම්බාධක පනවන්නේද, කුමන රටවල් ඉලක්ක කරන්නේද යන්න ට්‍රම්ප් මෙතෙක් පැහැදිලි කර නැත.

“මූල්‍ය ආයතන, ව්‍යාපාර, ගුවන්තොටුපළවල් හෝ රජයේ ආයතනවලට ඉරානයට ඕනෑම ආකාරයක ජීවන මාර්ගයක් සැපයීමට ඉඩ දෙන ඕනෑම රටක් දැවැන්ත ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දෙනු ඇත. තෙල් ජාවාරම, හුවමාරු මාර්ග, මුදල් මාරු කිරීම්, හුවමාරු නිවාස, නැව් ලියාපදිංචි කිරීමේ කාර්යාල, පෙරටුගාමී සමාගම් – ඒ සියල්ල දැන් නතර කළ යුතුයි. ඔබ කවුදැයි ඔබ දන්නවා. ඉරාන තර්ජනය හුදකලා කිරීමට සහ පරාජය කිරීමට අපගේ සියලු මිත්‍ර පාක්ෂිකයින් ඇමරිකා එක්සත් ජනපදය සමඟ සිටීම අපට අවශ්‍ය වේ.” යනුවෙන් ජනාධිපතිවරයා සටහන් කර තිබේ.

ට්‍රම්ප් ඉරානයට ආර්ථික සම්බාධක පනවන බවට තර්ජනය කළ පළමු අවස්ථාව මෙය නොවේ.

පෙබරවාරි මාසයේ දී එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධය දියත් කිරීමෙන් පසු, ඔහුගේ පරිපාලනය ඉරානයට එරෙහිව ආර්ථික පීඩන මෙහෙයුමක් දියත් කළ කරන ලදී.

ටෙහෙරානය බලශක්ති අපනයනයෙන් උපයන ආදායම කපා හැරීමට උත්සාහ කරමින් එක්සත් ජනපදය දැනටමත් ඉරානයේ තෙල්, නාවික සහ මූල්‍ය අංශවලට දැඩි සම්බාධක පනවා ඇත.

ඉරාන වරායන් සඳහා නාවික අවහිරයක් ද පනවා ඇති අතර ඉරානයට තම තෙල් විදේශයන්ට විකිණීමට උදව් කළ බවට චෝදනා එල්ල වී ඇති සමාගම්, තැරැව්කරුවන් ද මේ වන විට ඇමරිකාවේ ඉලක්ක බවට පත්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top