මෙරට සිවිල් යුද්ධය අතරතුර බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින් සිව් දෙනෙකෙුට එක්සත් රාජධානිය විසින් අද (24) සම්බාධක පනවා තිබේ.
හිටපු යුද හමුදාපතිවරුන් වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සහ ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මෙන්ම හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන පිරිස මෙයට අයත්වේ.
එයට අමතරව LTTE සංවිධානයේ නැගෙනහිර නායකයා ලෙස කටයුතු කර පසුව ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ද ඇතුළත් වේ.