අත්අඩංගුවට ගනු ලැබූ චීන ජාතිකයින් පිරිසකට අයත් විදේශ ගමන් බලපත්‍ර නීති විරෝධීව ළඟ තබා ගත් බව කියන වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වේයන්ගොඩ ප්‍රදේශයේදී සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර රාජගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර ස්ථානාධිපතිවරයා විසින් ළඟ තබා ගෙන ඇති අතර ඒවා මුදා හැරීමට නම් එක් අයෙකුගෙන් ලක්ෂ 3ක මුදලක් ඉල්ලා ඇති බව සඳහන් වේ.
කාන්තාවක් මාර්ගයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ මුදල ඉල්ලා ඇති බව විමර්ශනයේදී හෙළිව ඇතැයි පැවසේ.
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.






