රන් භාණ්ඩ කොල්ලකෑම පිණිස වෙළෙඳසැලෙක සිටි යුවළක් මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටි සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පැනගොස් ඇතැයි වාර්තා වේ.
අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ සිටි සැකකරු අද (27) අලුයම රෝහලෙන් පැනගොස් ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිළධාරීන් සහ පොලිස් නිළධාරීන් එක්ව මෙහෙයුමක්ද දියත් කර ඇති බව පොලිස් ආරංචිමාර්ග පවසයි.
සැකකරු බගවන්තලාව පෙට්‍රසෝ වතුයායේ සැගව සිටියදී හැටන් පොලිස් නිළධාරීන් එක්ව අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ලබන මස (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් නියෝග කර තිබුණි.
සැකකරු මෙම ද්විත්ව ඝාතනය සිදු කරනු ලැබුවේ බිරිඳගේ උසිගැන්වීම මත බවත් බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණ බිරිඳ ඝාතනය කරන බවත් පොලිස් අත්අඩංගුවේදී පවසා තිබේ.
කෙසේ වෙතත් සැකකරුගේ බිරිඳට පොලිසිය වෙත පැමිණෙන්නැයි දන්වා ඇත.






