අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති විමර්ශන සඳහා නව විමර්ශන කොට්ඨාසයක් ඇති කිරීමට කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා පොලීසිය පවසයි.
ඒ අනුව මෙතෙක් කල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වූ ඇතැම් විමර්ශන කටයුතු අලුතින් පිහිටුවන ලද අපරාධ විමර්ශන දිශාව යන අලුත් ඒකකයක් යටතේ ක්‍රියාත්මක වනු ඇති බවයි සඳහන් වන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව විමර්ශනය කරනු ලබන අපරාධ, විමර්ශන ගොනු, විමර්ශන සිදුවීම් විශාල වශයෙන් ඇති බවත් එම විමර්ශනයන් සඳහා ගතවන කාලය අවම කරගෙන කාර්යක්ෂමව විමර්ශන ක්‍රියාත්මක කරගැනීමත් මෙහි අරමුණ බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ යටතේ නීතිවිරොධී වත්කම් විමර්ශන කොට්ඨාසයක්, මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයක්, මූල්‍ය හා අපරාධ විමර්ශන අංශයක්, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයක්, තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයක්, අපරාධ හා අපරාධ බුද්ධි විශ්ලේෂණ අංශයක් ලෙස අංශ 6ක් මේ යටතේ ක්‍රියාත්මක වනු ඇත.