/ Apr 20, 2025

යෝෂිතගේ ගජයෝ හඳුනාගනී: අල්ලන්න දැල එළයි!

හිටපු ජනපති පුත්‍ර යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිස කොළඹ සමාජශාලාවකදී ඇති කරගත් ගැටුමට අදාළව පහරදුන් පිරිස මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.

මේ පිරිස අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක වන බව කියැවේ. සමාජ ශාලාව වෙත ඇතුළුවීමට අවශ්‍ය අවසර ටැග් එකක් නොමැති වීම නිසා එක් අයෙකුට එහි ඇතුළුවීමට ආරක්ෂකයෙකු ඉඩ නොදීම මත මෙම පිරිස එම ආරක්ෂකයාට පහර දී ඇති බව හෙළිව තිබේ.

කෙසේ වෙතත්, මුදල් විශුද්ධිකරණ නඩුවට අදාළව යෝෂිත රාජපක්ස සිටින්නේ ඇප මත බැවින් ඔහු ඉක්මනින් එතැනින් ඉවත් වූ බවයි තතුදත් පිරිස් පවසන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top