කර්මාන්ත ආමත්‍ය සුනිල් හඳුන්නෙත්ති මැතිවරණයට පෙර දුරකතනයෙන් කළ කතාබහක හඬ පටයක් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින් ප්‍රසිද්ධ කර තිබේ.
එහිදී අමාත්‍යවරයා පවසන්නේ, තමන්ගේ රැකියාව ස්ථිර කරගත් පසු ( පාර්ලිමේන්තුවට පත් වූ පසු) උපාධිධාරීන්ගේ රැකියා පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන බවයි. එසේ ම ආණ්ඩු බලය ලබා ගැනීමට පෙර ඇමැතිවරයා සිදු කළ කතාවක කොටසක් ද මාධ්‍ය හමුවකදී ඔවුන් ප්‍රචාරය කළෝ ය. එහිදී ඇමැතිවරයා පවසන්නේ උපාධිධාරීන්ට රැකියාවක් ලබා ගැනීමට බැටන් පොලු පහර කෑමට අවශ්‍ය නැති බවයි.
ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන් මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පවසන්නේ මෙම කතා ජනපති අනුර විසින් නැවත නැරඹිය යුතු බවයි. එසේ ම රැකියා විරහිත උපාධිධාරීන් මැරී ඉපදී නැති බවත් ඔවුන්ගේ ප්‍රශ්න විසඳිය යුතු බවත් ඔහු අවධාරණය කළේ ය.
පසුගිය 21 වැනිදා පොල්දූව මංසන්ධියට රැස්වී විරෝධතාවයේ යෙදුණු රැකියා විරහිත උපාධිධාරීන් පොලිසිය යොදා මර්දනය කිරීමට ආණ්ඩුව කටයුතු කරනු ලැබීය.