/ Apr 20, 2025

පුනරුත්ථාපනයට ගිය තරුණයා මරා දාලා

මිනුවන්ගොඩ, වෑගොව්ව ප්‍රදේශයේ පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකුට පහර දී ඝාතනය කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකරුවන් තිදෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හිමිකරු බව කියන කපුවෙක් සහ ඔහුගේ ගෝලයින් දෙදෙනෙක්.

පහර කෑමට ලක් වූ තරුණයා එම කඳවුරේ පුනරුත්ථාපනය වෙමින් සිටි අයෙක් වන අතර ඔහු ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තරුණයෙක් බව පොලිසිය පවසයි.

පහර කෑමට ලක් වූ අදාළ තරුණයා පෙරේද‍ා (28) රාත්‍රියේ සැකකරුවන් විසින් ම රෝහල් ගතකර ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවට විමර්ශනවල දී අනාවරණය වී ඇත.

මිනුවන්ගොඩ පොලිසිය විසින් සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔවුන් අද (30) දිනයේ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගැනීමට නියමිතයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top