/ Dec 06, 2025

රටම එකට මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය කිලෝ 1000ක් ඉක්මවා පොලිස් භාරයට.වැඩිම ප්‍රමාණය අයිස්!

ජාතික ජන බලවේගය ආණ්ඩුවේ විෂ මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ ”රටම එකට” ජාතික මෙහෙයුමට අදාළව මේ වන විට මත්ද්‍රව්‍ය කිලෝ 1000කට වැඩි ප්‍රමාණයක් පොලිස් අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙන අතර ඉන් කිලෝ ග්‍රෑම් 650ක් අයිස් මත්ද්‍රව්‍ය බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රටම එකට මෙම ජාතික මෙහෙයුම පසුගිය ඔක්තෝබර් 30 වැනිදා සිට ආරම්භ වූ අතර එදින සිට ඊයේ (20) දිනය දක්වා සිදුකරන ලද මෙහෙයුම් වලින් එම ප්‍රමාණය අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 23550ක් ලෙස දැක්වෙන අතර 614කට රැඳවුම් නියෝග ලබාගෙන ඇත. නීති විරෝධී වත්කම් විමර්ශන 26 දෙනෙකු සම්බන්ධයෙන් ආරම්භ කර තිබේ.

මේ අතර තවත් 638ක් පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති බව එම නිවේදනයේ දැක්වෙයි. සමස්ත වැටලීම් ප්‍රමාණය 23891ක් ලෙස දැක්වෙයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top