/ Jan 24, 2026

මහින්ද, රනිල් එක්ක මුන් මොන පගර නැට්ටොද? – නුගේගොඩදී හරීන් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි!

මේ වන විට කොන්දේසි විරහිතව විපක්ෂය එකම වේදිකාවක සිටින අතර ඉදිරියේ මෙම වේදිකාව සමඟ එක්වන ලෙස සමඟි ජන බලවේගයටද ආරාධනා කරන බව අද (21) නුගේගොඩ විපක්ෂයේ රැළියේදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හරීන් ප්‍රන්නදු පැවසීය.

ඒ අනුව අද දින ආරම්භ කළ සටන අවසන් වන්නේ ආණ්ඩුව පලවා හැරීමෙන් බව ඔහු කියා සිටියේය.

”කොන්දේසි විරහිතව අපි සමඟි ජන බලවේගයටත් ආරාධනා කරනවා ඊගාව රැළිය තියනකොට මේ වේදිකාවේ තව පක්ෂ ගණනාවක් ගේන්න අපි ඔබට සහතික වෙනවා. අපේ ගමන අවසන් වන්නේ මේ රටේ අහිංසක මිනිස්සු රවටල,මහ පාරේ බස් එකේ කෝච්චියේ යනවා කියල කැබ් හොයන හොරු ටික එලවලයි කියන එක මතකතියා ගන්න. මෙච්චර කල්කිව්වේ මහජනයාට නැති කිසිම දෙයක් අපිට එපා හැබැයි උන් ඉල්ලන්නේ කැබ් කෙහෙල් කැන දාගන්න. ඒ නිසා මතක තියාගන්න අපි මේ රට වෙනත් දිශානතියක් වෙනුවෙන් එකතු වෙන්න ඕනේ මගේ අම්මේ තාත්තේ. ආදරණිය තරුණයින්ට මම ඉල්ලීමක් කරනවා නාමල් රාජපක්ෂ කියන්නේ දෙවෙනි පෙළ නායකයෙක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙවෙනි පෙළ නායකයෝ ඉන්නවා, එක්සත් ජාතික පක්ෂයේ දෙවෙනි පෙළ නායකයෝ ඉන්නවා සර්ව ජන බලයේ දෙවෙනි පෙළ නායකයෝ ඉන්නවා ඔක්කොම එකතු වෙලා මේ සටන ගෙනියමු. මහින්ද මහත්තයව මතක් කරන්නම ඕනේ. මහින්ද මහත්තයා කියන්නේ මේ රටේ යුද්ධය අවසන් කරපු නායකයා. රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ ආර්ථිකය පෝලිමේ මිනිස්සු මැරෙන කොට පෝලිම් අවසන් කරපු නායකයා. මෙන්න මෙවන් නායකයෝ ඉන්න පක්ෂෙක මුන් මොන පගර නැට්ටෝද කියන එක විතරයි මතක් කරලා දෙන්න ඕනේ. හිර ගෙවල නෙවෙයි හිරගෙවල් දහයක දැම්මත් මේ සටන අදින් අරඹමු. ආදරණිය තරුණයිනි සිපගන්න කටු අත්ත හෙටත් මලක් වෙනු පිණිස. මල් පිපෙනවා.සත්තයි. සත්තයි. සත්තයි.” යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

1 thought on “මහින්ද, රනිල් එක්ක මුන් මොන පගර නැට්ටොද? – නුගේගොඩදී හරීන් ආණ්ඩුවෙන් ගේම ඉල්ලයි!”

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top