/ Feb 11, 2026

ආසියාවේ ඉහළම නාවික කේන්ද්‍රස්ථානය බවට කොළඹ වරාය පත්කිරීමේ සංවර්ධන කටයුතු ඇරඹෙයි!

කොළඹ ක්‍රමය සංවිධානය යටතේ ක්‍රියාත්මක වන කොළඹ වාරයේ දියුණුවට විවිධ ක්ෂේත්‍රවලින් සහය දීම සඳහා අද (09) කොළඹදී දින තුනක විශේෂ සම්මන්ත්‍රණයක් ආරම්භ විය.

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ සහ වරාය අධිකාරියේ සහභාගීත්වයෙන් එය ආරම්භ කෙරුණි.

මෙම වැඩසටහන යටතේ වරාය හා නාවික ක්ෂේත්‍රයේ ලොව නව තාක්ෂණය මෙරටට හදුන්වා දීම වෙනුවෙන් ඇමරිකානු සමාගම් 06ක් ද මෙරටට පැමිණ මෙම වැඩසටහනට දායකත්වය දෙමින් තිබේ.

ආසියාවේ හා දකුණු ආසියාවේ ඉහළම නාවික කේන්ද්‍රස්ථානයක් ලෙස කොළඹ වරාය ඉහළ නංවන්න අවශ්‍ය කෘතීම බුද්ධිය ඇතුළු නව තාක්ෂණය හදුන්වා දීම මෙහි ප්‍රධාන අරමුණ වෙයි.

ඇමරිකාවේ සිට පැමිණ සිතිඅ සමාගම් පහේ නියෝජිතයින් අදාළ නව තාක්ෂණය පිළිබඳ පුහුණු වීම් ආරම්භ කිරීමට නියමිතයි.

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, වරාය හා සිවිල් ගුවන සේවා අධිකාරියේ සභාපති ඇතුළු නිලධාරීන්,ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් මෙම වැඩසටහනට සම්බන්ධ වී සිටියහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top