/ Feb 16, 2026

ලෝකයට අලුත් පාරක් හොයන “AI Impact Summit 2026” අද නවදිල්ලියේදී ඇරඹේ!

කෘතිම බුද්ධිය (AI) මගින් ඇතිවන රැකියා අර්බුදය, ළමා ආරක්ෂාව සහ සදාචාරාත්මක භාවිතය පිළිබඳව ලෝක අවධානය යොමු කරමින් “AI Impact Summit 2026” අද (16) ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ආරම්භ වීමට නියමිතයි.

ලෝක නායකයින් 20 දෙනෙකු සහ රටවල් 45ක අමාත්‍ය මට්ටමේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්වෙන අතර මෙහි ප්‍රධානතම අරමුණ වන්නේ විසිරී පවතින ජාතික ප්‍රතිපත්ති වෙනුවට, ගෝලීය තාක්ෂණික දේශපාලනය (Global Technopolitics) තුළ පොදු එකඟතාවයකින් යුත් උපායමාර්ගික සැලැස්මක් (Strategic Plan) සකස් කිරීමයි.

මෙම සැසිය තුළදී තාක්ෂණික ප්‍රගමනය හමුවේ මතු වන සමාජීය හා පාරිසරික පද්ධතිමය අවදානම් කළමනාකරණය සඳහා ‘ඇල්ගොරිදමික පාලනය’ (Algorithmic Governance) පිළිබඳ පොදු රාමුවක් සැකසීමට නායකයින් අපේක්ෂා කරයි. මෙය ලෝකයේ සෑම ජාතියකටම එක හා සමානව අදාළ වන පරිදි AI තාක්ෂණයේ ප්‍රතිලාභ බෙදා හැරීම සහ එහි අහිතකර බලපෑම් පාලනය කිරීමේ ඒකාබද්ධ ප්‍රයත්නයකි.

නවදිල්ලි නුවරදී අභිමානවත් අයුරින් ඇරඹෙන “AI Impact Summit 2026” යනු හුදෙක් තවත් එක් තාක්ෂණික සම්මන්ත්‍රණයක් නොවන අතර එය ගෝලීය AI පාලනය සඳහා වන “බ්‍රෙට්න් වුඩ්ස්” (Bretton Woods) මොහොතක් බඳු යුගාන්තරාර්ථී සිදුවීමක් ලෙස විචාරකයින් දක්වා තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් අද මෙම පස්දින සමුළුව ඇරඹේ.

AI භාවිතයේදී රැකියා අර්බුදය සහ සදාචාරාත්මක අනුකූලතාවය, ළමා ආරක්ෂාව සහ සදාචාරාත්මක භාවිතය, පාරිසරික සහ සමාජයීය අවදානම් කළමනාකරණය, AI දත්ත මධ්‍යස්ථාන මගින් සිදු වන අධික බලශක්ති පරිභෝජනය සහ සම්පත් ක්ෂය වීම පාලනය කිරීම සඳහා හරිත තාක්ෂණික විසඳුම් හඳුන්වා දීම යන කාරණා කෙරෙහි මෙහිදී විශේසැහැ අවධානයක් යොමු කිරීමට නියමිතය.

ඒ අනුව මෙම සමුළුව ලෝකයට වැදගත් පණිවිඩ රැසක් ලබා දෙන සුවිශේෂී වේදිකාවක් වනු ඇති බව නොඅනුමානය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top