/ Mar 20, 2026

කළු කඩේ විකුණන්න තෙල් හැංගූ අයෙක් මාස 2ක් හිරේට!

බලපත්‍ර රහිතව පෙට්රල් ලීටර් 65ක් ප්‍රවාහනය කරමින් සිටි අයෙකුට රුපියල් 2,500ක දඩයක් සහ මාස 2ක අනිවාර්යය සිරදඬුවමක් නියම කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (19) නියෝග කර තිබේ.

ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට මෙලෙස දණ්ඩන නියම කෙරිණි. වැල්ලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන තොගයක් ලබා ගත් බවට වැල්ලවත්ත පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ (18 ) රාත්‍රීයේදී අදාළ ඉන්ධන පිරවුම්හල අසලදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ඉන්ධන පිරවුම්හල සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත්තේද යන්න මෙතෙක් වාර්තා වී නැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top