මේ වසරේ ගත වු කාලය තුළ සංචාරකයින් ලක්ෂ 7කට ආසන්න පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව ජනවාරි පළමු දින සිට මාර්තු 22 දක්වා කාලය තුළ සංචාරකයින් 692,744ක් දිවයිනට පැමිණ ඇති අතර ඉන් වැඩි දෙනෙකු ඉන්දීය ජාතිකයින් බව සඳහන්. එම සංඛ්‍යාව 135,070ක් ලෙස දැක්වෙන බවයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ.
එමෙන්ම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයින් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
මේ අතර මාර්තු මස පළමු දින සිට 22 වන දින දක්වා කාලය තුළ සංචාරකයින් 136,089 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බව ද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.





