මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කර සිටින තිදෙනකු සම්බ්න්ධයෙන් තවදුරටත් නීති මගින් කටයුතු කරන්නට අදහස් නොකරන බැවින් ඔවුන් නිදහස් කර යැවිය හැකි බවට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයාට දන්වන්නැයි නීතිපතිවරයා විසින් රහස් පොලිසියට දන්වා එවා තිබීම මේ වන විට රටේ මහත් ආන්දෝලනයක් ඇති කර තිබේ.
ජනපතිවරයා පසුගිය දිනක නීතිපතිවරයා කැඳවා උපදෙස් ලබා දුන් බව මාධ්‍ය වාර්තා කළ අතර ඇතැමුන් විමසන්නේ නීතිපතිවරයා මේ ක්‍රියා කරන්නේ එකී උපදෙස් අනුවද යන්නයි.
මහින්ද රාජපක්ෂ පාලන යුගයේ එනම් 2009 වසරේදී අමානුෂික අන්දමින් ඝාතනය කැරුණු ලසන්තගේ මරණයට එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ වෙත ඍජුව චෝදනා එල්ල විය.
කෙසේ වෙතත්, අතිදුෂ්කරතා විවිධ බාධා මධ්‍යයේ ඉදිරියට ගෙන ආ මෙම ඝාතන පරීක්ෂණ මෙලෙස වසා දැමීමට නීතිපතිවරයා ඉදිරිපත් වීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව කලකිරීමට පත්ව අදහස් පළ කරමින් සිටී. ඒ අතර හෙට (6) දින නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක්ද සංවිධානය වී තිබේ.
බොහෝ දෙනා පවසන්නේ යුක්තියේ අභිලාශ සම්බන්ධ මෙම රජයේ කටයුතු සම්බන්ධ ලිට්මස් පරීක්ෂාවක් ලෙස මෙම සිදුවීම ගිණිය හැකි බවයි.