පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනයහි ප්‍රතිඵලයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ පසුවෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ.
එම පක්ෂය පවසන්නේ සුරේෂ් සලේට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතියට පටහැනිව සැලකීම හෙළාදකින බවයි.
සුරේෂ් සලේට සලකා තිබෙන ආකාරය පිළිබඳ පරීක්ෂා කරබැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් යැවීම සුදුසු බවද ඔවුන් යෝජනා කර සිටියි.
සුරේෂ් සලේට සලකන ආකාරය සාමාන්‍යයකරණය වුවහොත් විපක්ෂයේ කණ්ඩායම්වලටද ඒ තත්ත්වය අදාළ කළ හැකිවනු ඇති බවත් එය ඉතා භයානක ප්‍රවණතාවයක් වන බවත් එජාපය සිය නිවේදනයේ දක්වා තිබේ.






