බණ්ඩාරවෙල ධර්මාශෝක 11 වසරේ අධ්‍යාපනය ලබන නුවන්ජලා මින්සඳලි දැරිය පාසල් විද්‍යාගාරයේදී අනතුරට ලක්වීමේ සිදුවීමේ විමර්ශන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නියාමනයට ලක්වන බව එහි නිලධාරියෙක් ‘ලංකා ටයිම්ස්’ වෙත පැවැසීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ලැබී ඇතැයි ද ඔහු කීය.
ඒ අනුව මෙම සිදුවීම ගැන මිරිහාන හා බණ්ඩාරවෙල පොලීසිවලින් නියාමන වාර්තා දෙකක් ලැබී ඇතැයි ද එම නිලධාරියා පැවැසීය.
අනතුරට ලක්ව ප්‍රතිකාර ලැබූ දැරිය මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇතැයි ද ඔහු කීය.






