/ Jun 15, 2026

බණ්ඩාරවෙල ධර්මාශෝකයේ විද්‍යාගාර අනතුර: ළමාරක්ෂකේට නියාමන වාර්තා 2ක්

බණ්ඩාරවෙල ධර්මාශෝක 11 වසරේ අධ්‍යාපනය ලබන නුවන්ජලා මින්සඳලි දැරිය පාසල් විද්‍යාගාරයේදී අනතුරට ලක්වීමේ සිදුවීමේ විමර්ශන ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නියාමනයට ලක්වන බව එහි නිලධාරියෙක් ‘ලංකා ටයිම්ස්’ වෙත පැවැසීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ලැබී ඇතැයි ද ඔහු කීය.

ඒ අනුව මෙම සිදුවීම ගැන මිරිහාන හා බණ්ඩාරවෙල පොලීසිවලින් නියාමන වාර්තා දෙකක් ලැබී ඇතැයි ද එම නිලධාරියා පැවැසීය.

අනතුරට ලක්ව ප්‍රතිකාර ලැබූ දැරිය මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇතැයි ද ඔහු කීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top