ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරී රන්නායක මුදියන්සේලාගේ ප්‍රසන්න නැමැත්තා දූෂණ චෝදනා සම්බන්ධයෙන්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.
චෝදනාවලට අනුව, සමාගම සඳහා බෑග් ඇණවුමක් ලබා ගැනීම සඳහා සාමාන්‍යාධිකාරීවරයා නිසි ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි මඟ හැර තිබීම හරහා දෝෂ සහිත ගනුදෙනුව හේතුවෙන් රජයට රුපියල් මිලියන 14.3 කට ආසන්න (රු. 14,300,000/-) දැවැන්ත මූල්‍ය අලාභයක් සිදු කිරීම සැපයුම් සමාගමට නීති විරෝධී සහ අසාධාරණ වාසියක් ලබා දීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු, සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.






