ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ගේ අපනයන සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් නව ගිවිසුමකට අත්සන් තබා තිබේ.
මෙරට අපනයන සංවර්ධනය ශක්තිමත් කිරීමට සහ වෙළදපොළ ප්‍රවේශය වැඩිදියුණු කිරීම සදහා පවතින දිගු කාලීන හවුල්කාරීත්වය යළි තහවුරු කරමින් එම නව ගිවිසුමකට අත්සන් තබා ඇති අතර ඒ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජර්මනියේ ආනයන ප්‍රවර්ධන කවුළුව අතරයි.
මෙරට අපනයනකරුවන්ට යුරෝපා වෙළදපොළට පිවිසිමට සහ ඔවුන්ගේ ජාත්‍යන්තර තරගකාරීත්වය වැඩිදියුණු කිරීමට සහාය වීම සදහා ජර්මනියේ ආනයන ප්‍රවර්ධන කවුළුව ඉමහත් මෙහෙයක් ඉටු කරයි.
නව හවුල්කාරීත්වය විශේෂයෙන් ස්වභාවික අමුද්‍රව්‍ය අංශය තුළ සැලකිය යුතු ප්‍රගතියක් අත්කර දී ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලය තවදුරටත් පවසයි.





