ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රවීණ කිවියර, ගී පද රචක රත්නශ්‍රී විජේසිංහ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා වෙත භාර දී ඇතැයි වාර්තා වේ.
ඊයේ (28) දිනයේ පැවැත්වූ “ආචාර්ය සුජාතා අත්තනායක ප්‍රසාද ප්‍රණාම උළෙල” වෙත සහභාගි වූ අවස්ථාවේදී සිය ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යවරයා ලෙස භාර දී ඇති බව වැඩිදුරටත් පැවසේ. කෙසේ වෙතත් රත්න ශ්‍රී විජේසිංහ මහතාගේ මෙම හදිසි තීරණයට හේතුවක් මේ දක්වා හෙළි වී නැත.
මෙම තනතුර වෙනුවෙන් ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මහතා පත් කිරීමට නියමිත බවද දේශපාලන ආරංචිමාර්ග පවසයි.






