ජාතික ජනබලවේගය බලයට පත් වූ විගසම ඇති වුණ සංවාදයක් වන්නේ පාර රාජ්‍යය පිළිබඳ කතිකාවයි. එහිදී බොහෝ දේශපාලන විචාරකයන් ගෙන දැක්වූ කරුණක් නම් මතුපිටින් පෙනෙන රාජ්‍ය ව්‍යුහයට යටින් තිබෙන පාර රාජ්‍ය විසින් බොහෝ තීරණාත්මක දේවල් සිදු කරන බවත්, රාජ්‍ය බලය හෙබවීමේදී මෙයට පෙර අත්දැකීමක් නොමැති බැවින් ජාතික ජනබලවේග පක්ෂයට අසීරුතා මතුවිය හැකි බවයි.
මෙම පාර රාජ්‍යයේ සාමාජිකයන් පිරිසක් වන්නේ, ගේම්කාර සනුහරයයි. ඕනෑම දේශපාලන බලවේගයක් සමඟ පයුරුපාසානය ඇති කරගෙන තම මඩිය තර කර ගැනීම මේ අයගේ භාවිතයයි. ඒ සඳහා ඔවුනට ඇති හැකියාව විස්මයජනක වේ. එවැනි බොහෝ දෙනෙක් විවිධ වෙස් ගෙන ජාතික ජනබලවේගයේ සමහර නායක කාරකාදීන්ගේ නාසයට ලණු දමාගෙන සිටින බව රහසක් නොවේ
පෙරේරා නමැත්තා ද එවැන්නෙකි. පසුගිය යහපාලන රජය සමයේ දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධුරය හෙබවූ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන සමඟ හිතවත්කමක් ගොඩ නගා ගනිමින් වෙඩි බෙහෙත් කම්හලක් වෙනුවෙන් බලපත්‍රයක් ලබා ගත් බව සඳහන් වේ. කෙසේ වෙතත්, අනුරාධපුර ප්‍රදේශයේ මෙවැනි කම්හලක් මේ දක්වා නැති අතර බලපත්‍ර රහිතව වෙඩි බෙහෙත් වෙළෙඳාමක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බව ද කියැවේ.
මේ වන විට, චමින්ද පෙරේරා වෙඩි බෙහෙත් නිෂ්පාදන කම්හලක් වෙනුවෙන් පෙර කල් ඉකුත්ව ඇති බලපත්‍රය අලුත් කර ගැනීමේ මෙහෙයුමක් අරඹා ඇති බව දැනගන්නට තිබේ. බස්නාහිර ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් හරහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර වෙත මේ දිනවල කිට්ටු වී සිටින ඔහු මෙම බලපත්‍රය ලබා ගැනීමට උත්සාහ දරණ බව ද ආරංචිමාර්ගවලින් දැනගන්නට ඇත.
ඕනෑම රජයක් පත් වූ පසු එකී රජයන්ගේ බලවතුන් සමඟ ඩීල් ගසා ගන්නා මෙවැන්නන් ක්‍රම වෙනසක් වෙනුවෙන් බලයට පත් වූ ජාතික ජනබලවේගය වැන්නකට ද කටුව ගැසීම කණගාටුදායක ය. මේ ගැන ජනපතිවරයා දැනුවත් කිරීම ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන විමසන අයගේ වගකීමකි.






