/ Jul 30, 2026

අධිකරණ ඇමති හා නීතිඥ සංගමය අතර හදිසි හමුවක්!

උපරිමාධිකරණ ඇතුළු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සමඟ විශේෂ සාකච්ජාවක් පවත්වා තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ආණ්ඩුවේ යෝජනාව ඊයේ (29) ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහ සභා රැස්වීමේදී ඒකමතිකව විරෝධය පළවී තිබුණි.

අනතුරුවයි උක්ත සාකච්ජාව පවත්වා ඇත්තේ.

ඒ අනුව මේ අවස්ථාවේ ආණ්ඩුවේ මෙම යෝජනාව ක්‍රියාත්මක නොකරන ලෙස ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය එම සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත පවසා තිබේ.

එම ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කර ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top