මේ වන විට බන්ධනාගාර ආශ්‍රිතව ඇතිව තිබෙන නොසන්සුන්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් අද (07) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
බන්ධනනාගාර තුළ මතුව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමෙන්තුවෙදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මේ බව ප්‍රකාශ කළේය.
බන්ධනාගාර රැඳවියන්ගේ මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය කැපවෙමින් තත්ත්වයන් පාලනයට කිරීමට උත්සාහ ගනිමින් සිටින බව එහිදී ඔහු සඳහන් කළේය.
කෙසේ නමුත් මෙවැනි සිදුවීම් ජාතික ආරක්ෂාවට බලපෑමක් නොවන බවද පෙන්වා දුන් අමාත්‍යවරයා බන්ධනාගාරයේ මෙවැනි තත්ත්වයන් පාලනය කිරීම සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙලවල් කිහිපයක්ම මේ වන විටත් යෝජනා වී ඇති බව පැවසුවේය.
ඒ අනුව මේ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කර ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය.
“අපි මේ රටේ සියලු ජනයාගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවෙනවා. ඒ වගේම බන්ධනාගාර තුළ ඉන්න රැඳවියන්ගේත්, බන්ධනාගාරයට අදාළ සියලු නිලධාරීන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් කැපවෙමින් තමා මේවා යම්පාලනයකට ගැනීමට උත්සාහ කරමින් ඉන්නේ ඒ සඳහා කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙලවල් කිහිපයක්ම යෝජනා වෙලා තිබෙනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය මේ වෙනකොට කමිටුවකුත් පත් කරලා තියෙනවා අධිකරණ ඇමතිතුමාගේ සභාපතිත්වයෙන්. අද ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවකුත් කැඳවලා තිබෙනවා අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් ඒ නිසා වහා වහා කඩිනම් පියවර ගැනීමට කටයුතු කරනවා.” යනුවෙන අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.





