ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 64 දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු රෝගීන් 89,033 දෙනෙකු හඳුනාගෙන ඇති අතර වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 52.94% ක්, එනම් රෝගීන් 47,136 දෙනෙකු බස්නාහිර පළාතෙන් හඳුනාගෙන තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර ඉන් රෝගීන් 18,922 ක් දැනට වාර්තා වී ඇත.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,679 ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,298 ක් හඳුනාගෙන ඇත.
ඊට අමතරව කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් පමණක් රෝගීන් 3,569 දෙනෙකු වාර්තා වී තිබේ.
එමෙන්ම පසුගිය ජූලි මාසයේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,973ක් ලෙස වාර්තා වෙයි.
මේ අතර අගෝස්තු මාසයේ මුල් දින 7 තුළ පමණක් රෝගීන් 3,686 දෙනෙකු හඳුනාගෙන ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 119ක් තවදුරටත් ඩෙංගු අධි-අවදානම් කලාප ලෙස නම් කර තිබේ.






