/ Aug 12, 2026

මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය සැපයූ බන්ධනාගාර නියාමකවරයෙක් අත්අඩංගුවට!

මැගසින් බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය සැපයීම සිදු කරන එම බන්ධනාගාරයට අනුයුක්තව සේවය කරන නියාමකවරයෙකු,ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පළමුව අත්අඩංග-ුවට ගෙන ඇත්තේ මෙම බන්ධනාගාර නියාමකවරයා නොව, වෙනත් පුද්ගලයෙක් වන අතර ඔහු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් සියයක් සහ හෙරොයින් ග්‍රෑම් විස්සක් තිබී ඇත.

විමර්ශන වලින් තහවුරු වී ඇත්තේ, එම පුද්ගලයා අදාල මත්ද්‍රව්‍ය තොගය තවත් අයෙකුට භාර දීමට නියමිතව සිට ඇති බවයි.

ඒ අනුව, අත්අඩංගුවට ගත් සැකකරුගෙන් එම මත්ද්‍රව්‍ය තොගය ලබා ගැනීමට පැමිණි අනෙක් පුද්ගලා ද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙන අතර, ඒ අනෙක් පුද්ගලයා මැගසින් බන්ධනාගාරය තුළ සේවය කරන බන්ධනාගාර නියාමකවරයෙකි.

ඔහු පසුගිය ජනවාරියේ මැගසින් බන්ධනාගාරයේ සේවයට පැමිණ ඇති බවත්, ඊට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සේවය කර ඇති බවත් වාර්තා වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top