/ Aug 12, 2026

විපක්ෂයේ සිටියත් බලයේ සිටියත් අපේ ප්‍රතිපත්තිය පුනර්ජනනීය බලශක්තියයි – විපක්ෂ නායක

අප රටේ බහුතර බලශක්ති ජනනය පුනර්ජනනීය බලශක්තිය මගින් සිදුවිය යුතු බව තමා මෙන්ම සමගි ජන බලවේගය ද තරයේ විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී පුනර්ජනනීය බල ශක්තිය සම්බන්ධයෙන් පුනර්ජනනීය බල ශක්ති සංවර්ධකයින් සමග පැවැති සාකච්ඡාව අතරතුරය.

බොහෝ දේශපාලනඥයින් විපක්ෂයේ සිටින විට පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කළ යුතු යැයි පැවසුවත් බලයට පැමිණි පසු තාප බලශක්ති මාෆියාවේ වහලුන් බවට පත්වන බවත් සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති මුදලට වරදාන වරප්‍රසාදවලට වෙන්දේසි නොවන බවත් විපක්ෂයේ සිටින විට මෙන්ම ආණ්ඩු බලය ලැබුණමත් පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධන කිරීමට පෙනී සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් කැපවූ ව්‍යවසායකයන් සිටියත් වත්මන් රජය කුමන්ත්‍රණය කරමින් මොවුන් පළවා හරින්න කටයුතු කළත් සමගි ජන බලවේග රජයක් තුළ මොවුන් තවදුරටත් ශක්තිමත් කරන්න කැපවෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top