/ Sep 14, 2026

දෙහිවල බෝම්බ සිද්ධියට අදාළව දෙදෙනෙක් අත්අඩංගුවට!

දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් මේ වනවිට වැඩිදුර විමර්ශන අරඹා ඇති බව වාර්තා වෙයි.

දෙහිවල පොලිස් වසමේ සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ පසුගිය (11) අළුයම නාඳුනන පුද්ගලයකු විසින් නිවසකට එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයකින් දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

එලෙස මියගියේ අවුරුදු 11 සහ 17 වයස්වල පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකි.

එම ප්‍රහාරයෙන් එන දරුවන්ගේ පියා ද බරපතල තුවාල ලබා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top