/ Sep 26, 2026

පොළොන්නරුව රෝහලේ පිපිරිම ගැන හොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක්!

පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ සොයාබැලීම සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබේ.

එමෙන්ම මෙම සිද්ධිය පිළිබඳ සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද එම රෝහල වෙත පැමිණීමට නියමිතව තිබෙන අතර
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතාද සිද්ධිය සැලවූ පසු රෝහලට පැමිණි අතර නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා තිබුණේ සිදුවූ හානිය කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට පියවර ගන්නා බවයි.

රෝහලේ මුළුතැන්ග පරිශ්‍රයේ අද (26) අලුයම 4ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඉන් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා විය.

බරපතල තත්ත්වයෙන් සිටි තිදෙනා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව සඳහන්.

රෝහලේ ප්‍රධාන මුළුතැන්ගෙයි ගෑස් කාන්දුවීමකින් ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් මෙය සිදුවන්ට ඇති බවට සැකකෙරෙන අතර ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

පිපිරීම හේතුවෙන් අසල පිහිටි ගොඩනැගිලි කිහිපයකට ද දැඩි ලෙස හානි සිදුව තිබේ.

නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පොළොන්නරුව මහ රෝහලට මාරු කර යැවීමට පියවර ගෙන ඇති අතර පිපිරීමෙන් රෝගීන් කිසිවෙකුට හෝ හානියක් සිදුව නැත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top