/ Mar 13, 2025

සෙව්වන්දි බෝට්ටුවෙන් ඉන්දියාවට?

ISHARA SEWWANDI - SANJEEWA MURDERER

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී ගණේමුල්ල සංජීව ඝාතනය මෙහෙය වූ ප්‍රධාන සැකකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නම් තරුණිය මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළා ගොස් ඇති බවට සැක කෙරේ.

ඇයට මෙරටින් පළා යාමට හැකි සියලු මාර්ග අවහිර කර ඇතත් මුහුදු මගින් ඉන්දියාව වෙත යෑමට ඇති හැකියාව සැලකිල්ලට ගනිමින් ඇගේ සියලු තොරතුරු ඉන්දීය ආරක්ෂක අංශ වෙත ලබා දීමට පොලිසිය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, මේ දක්වා ඇය මෙලෙස පළා ගොස් ඇති බවට තහවුරු වී නැති අතර ඉකුත් දිනවලදී ඇය ඩුබායි රාජ්‍යට පළා ගොස් ඇති බවටද විවිධ පුවත් පළ විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top