/ Jun 22, 2025

කංජිපානි මරන්න එනවා: දේශබන්දු ආරක්ෂාව ඉල්ලයි

Deshabandu tells the committee about the Weligama incident

ජීවිත තර්ජන ඇති බැවින් තමාට පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

මාතර හෝටලයකට වෙඩි තබා පොලිස් නිලධාරියෙක් ඝාතනය වීමේ සිදුවීමකට අදාළව වරෙන්තු ලබා සැඟව සිටි සමයේ ඔහුගේ පොලිස් ආරක්ෂාව ඉවත් කර තිබු අතර මේ වන විට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගෙන් ඔහුට ජීවිත තර්ජනයක් ඇතැයි වාර්තා පළව තිබුණි.

තම ආරක්ෂාව ඉවත් කර ඇති බැවින් තම ජීවිතයට තර්ජනයක් ඇති බැව් කියමින් තෙන්නකෝන් විසින් මෙසේ ආරක්ෂාව ඉල්ලා තිබේ.

ඔහුට ඇති ආරක්ෂක තර්ජනය සම්බන්ධයෙන් තක්සේරුවක් කර බලා අවශ්‍ය නම් ආරක්ෂාව ලබා දීමට කටයුතු කරනු ඇති බවයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top