කුඩාවැල්ල-මාවැල්ල මාර්ගයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් 18 හැවිරිදි තරුණයකු මරුමුවට පත්ව ඇත.
මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ දකුණු කුඩාවැල්ල පදිංචි ආදිත්‍ය මුතුමාල නම් නාකුළුගමුව මහ විදුහලේ ඉගෙනුම ලබන 13 වසරේ සිසුවෙකි.
ලබන මස විදෙස් අධ්‍යාපනය පිණිස එක්සත් රාජධානියට පිටත්ව යෑමට සූදානම්ව සිටි මෙම තරුණයාගේ පියා බහුදින ධීවර යාත්‍රා හිමියෙකි. පවුලේ උදවිය අසල නිවසක උත්සවයක් සඳහා ගොස් සිටිය දී ගෙදරින් පිටව ඇති මෙම තරුණයාට සිය යතුරු පැදියේ වේගය පාලනය කර ගත නොහී මාර්ගයේ පෙරළී ගොස් ඒ හේතුවෙන් හිසට බරපතළ තුවාල සිදුව ඇතැයි ද සඳහන්.